අමෙරිකාව කොරෝනා ව්‍යාප්තිය නිසා යළි අභියෝගාත්මක තත්වයකට

සැප් 05, 2021

    ‍අමෙරිකාව මේ වනවිට කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යළි අභියෝගාත්මක තත්වයකට මුහුණ පා සිටී.

    ඒ, ඩෙල්ටා ප්‍රභේදයේ ශීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. මිසිසිපි ප්‍රාන්තයේ ඇතැම් රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොසින්. මේ අතර, ප්‍රංශය හඳුන්වා දුන් සෞඛ්‍ය බලපත්‍රයට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ.

    මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ, අමෙරිකාවෙන්. ගතවූ පැය 24 තුළ එරටින් හඳුනා ගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව 58,682ක්.

    සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩාවට ලක්ව ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. එරට එන්නත්කරණයේ මන්දගාමී බව, රෝගය පැතිරීමට මූලික හේතුව බවට අනාවරණය වී තිබේ.

    ප්‍රාන්ත රැසක රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ. ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීම සඳහා සිය පරිපාලනය ක්‍රියාවට නංවනු ලබන නව වැඩපිළිවෙළ එළඹෙන සතියේ සිට දියත් කරන බවයි.

    Latest News