අවුරුදු 20ත්, 29ත් අතර පිරිස් සඳහා එන්නත් ලබාදීම අදත් සාර්ථකව ක්‍රියාත්මකයි...(වීඩියෝ)

සැප් 09, 2021
  • කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, හම්බන්තොට, මාතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත්, 29ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම අදත් ක්‍රියාත්මකයි.

    මේ වනවිට මෙරට ජනතාවට එන්නත් මාත්‍රා දෙකෝටි 31 ලක්‍ෂ 23,345ක් ලබා දී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත් ලබාදීමේ වැඩසටහනක් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී අදත් ක්‍රියාත්මක කෙරිණ. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන්.

    තවත් එන්නත්කරණ වැඩසටහනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත්විණ. එහිදී වයස අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට එන්නත් ලබාගත හැක.

    Last modified on සිකුරාදා, 10 සැප්තැම්බර් 2021 04:08

    Latest News