උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්විකව වැදගත්වන සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ඊජිප්තු තානාපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වීය. දෙරට අතර හමුදා පුහුණුවීම් ඇතුළුව ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේදී සිදුවිණි.
තවද, දෙරට අතර ආරක්ෂක සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා තානාපතිවරයා සිය අදහස් පළ කළ අතර ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ද ඒ සදහා කැමැත්ත පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය. කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සාකච්ඡාව පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ඊජිප්තු තනාපති කාර්යාලයේ උපදේශක/ උප දූත මණ්ඩල ප්‍රදානී කරීම් අබුලේනීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.