රජයේ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරුන් තමා හමුවී මේ පිළිබඳව දැනුම්දී ඇතැයි පැවසූ ඔහු එවැනි ආකාරයේ තර්ජනය කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම දඬුවම් දෙන බවද කියා සිටියේය. ගුරුවරුන් වැඩි පිරිසක් වර්ජනයට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොව වෙනත් පුද්ගලයන්ගේ බල කිරීම මත බවත් දරුවන්ට ආදරේ කරන වැදගත් ගුරුවරුන් බහුතරයක් සිටින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කළහොත් දුරකථන අංක 118 හෝ 119 අමතා පැමිණිලි කරන ලෙස ද ඉල්ලීමක් කළේය.
මෙවර 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට තවමත් වාර විභාග පවත්වා නැති බවත් පෙන්වාදුන් වීරසේකර මහතා සෞන්දර්ය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැති නිසා ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි පැවසීය. මෙසේ දූ දරුවන්ගේ අනාගතය අඳුරු නොකරන ලෙස ගුරුවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළේය.