අඩු ආදායම්ලාභී දරුවන් 6කට පෙර පාසල්

පෙබ 17, 2019

    අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 06 දෙනෙකුට පෙර පාසල් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන බව, අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසීය.

    ඒ, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පමණි. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ළදරු පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලා නිම කළ සියයකට එන්වීකියු 4 මට්ටමේ සහතිකපත් පිරිනැමීම ඊයේ සිදු කෙරුණේ අමාත්‍යවරිය අතින්.

    පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ඩිප්ලෝමා පුහුණු පාඨමාලා සංවිධාන කෙරිණ. එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලා නිම කළ පිරිසකටයි අමාත්‍යතුමිය අතින් සහතිකපත් පිරිනැමුණේ. 2017-2018 වසරවල ඩිප්ලෝමා හැදෑරු 29 සහ 30 කණ්ඩායම් මීට අයත්. විශේෂ දක්‍ෂතා දැක්වූ ශිෂ්‍යාවන්ට ද පදක්කම් හා සහතිකපත් පිරිනැමිණ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක තනතුරට ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්‍ෂ ආචාර්ය පුජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමියන් පත් කිරීම ද අමාත්‍යවරිය සිදු කළාය.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 12:59

    Latest News