“ආවා” නායකයා හමුවීමෙන් දකුණේ දේශපාලනය කැළඹිලා..

පෙබ 17, 2019

    යාපනයේ දී මම සහ අග්‍රාමාත්‍යවරයා “ආවා” කල්ලියේ නායකයා ලෙස හදුන්වන අරූන් සිද්ධාර්ථන් හමුවීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී ඇති බව සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ බණ්ඩාරගම තරුණ බල මණ්ඩල රැස්වීම ඊයේ (16) අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පැවැත්විණ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    “මම සහ අග්‍රාමාත්‍යවරයා පසුගිය තෙදින යාපනයේ සංචාරයක නිරත වුණා.

    එහිදී අරූන් සිද්ධාර්ථන් හමු වුණා. එම තරුණයා කරතියාගෙන මහින්ද රාජපක්ෂලා දේශපාලනය කරන්න හැදුවේ. ඔහුට 6000 ක පමණ තරුණ බලකායක් ඉන්නවා.

    රුසියාවේ දී වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටිය දී දේශපාලනයට නැඹුරු වූ අරූන් සිද්ධාර්ථන් ප්‍රකාශ කර තිබුණා දකුණේ දේශපාලනය සිදු කිරීමේ දී මා සමග කටයුතු කරන්න කැමැතියි කියලා.

    ඒ අනුව මා හමු වූ අරූන් සිද්ධාර්ථන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්ප්‍රදායික කෝණයෙන් විසදීමට කැමැති නැති බව ප්‍රකාශ කළා.

    බලය බෙදීමට පෙර උතුරේ ජනතාව මුහුණ දී ඇති ගැටලු වලට විසදුම් අවශ්‍ය බව ඔහු සදහන් කළා. පොදු පහසුකම් නංවාලීම, ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීම, අධ්‍යාපනය ගොඩනැංවීම වැනි කරුණු පිළිබදව සාකච්ඡා කළා. ඔහු අමුතුම ගමණක් යන තරුණයෙක්. සියලු දෙනා එකමුතුව කටයුතු කරමු යැයි ඔහු සදහන් කළා.

    අරූන් සිද්ධාර්ථන් හමුවීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී තිබෙනවා. ඔහු සමග දේශපාලනය කිරිමට බලාපොරොත්තු වූ අය අපහසුතාවයට පත් වෙලා. අල්ලගත්ත මාළුවා වෙන අය අල්ලාගැනීම පිළිබඳව.”

    “ජනතාව වෙනුවෙන් තවත් යුතුකම් ඉදිරියේ දී ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තවත් ඉහළ තනතුරු ලැබුනොත් සෞඛ්‍ය සේවාවේ ඖෂධ මිල අඩු කළ ආකාරයට ආහාර මිලත් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 11:47

    Latest News