දෙවැනි විශේෂ මහාධිකරණය ළඟදීම

පෙබ 17, 2019

    බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉතා ඉක්මනින් ආරම්බ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ පවසයි.

    එය අලුත්කඬේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ භූමිය තුළම කාලය කළමණාකරනය කර ගෙන යාමට හැකි අයුරින් ආරම්භ කෙරේ.

    1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇතැයි ද ඔහු කීය.

    විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

    දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 20:12

    Latest News