බූස්ස අතුරුදන්වීම; පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට (වීඩියෝ)

පෙබ 18, 2019

    බූස්ස, රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට අනුයුක්ත, පොලිස් පරීක්‍ෂක පස්කුවල් හංදි නිෂාන්ත ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විමර්ශනයෙන් අනතුරුව ලද තොරතුරු හා සාක්‍ෂි අනුව මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසින් චින්තක (31) යන දෙදෙනා ජනවාරි 23 සිට අතුරුදන්ව සිටී.

    ඔවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කළ ද කිසිදු තොරතුරක් සොයා ගැනිමට නොහැකි වූ බැවින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණ. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයට අනුව අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ තිබී පුද්ගලයින් දෙදෙනා පැහැර ගෙන ගිය බවට සැක කෙරෙන වෑන් රථයක් පසුගිය 15 වැනිදා සොයා ගනු ලැබිණ.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 20:03

    Latest News