ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න;සාධාරණ සමාජයක් (වීඩියෝ)

පෙබ 18, 2019

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය සංවිධානය එක්ව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    එහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසුරිය මහතා...
    “අපි ආණ්ඩුවට පැහැදිලිවම කියා සිටිනවා ජාතික ආණ්ඩු නිර්මාණය කිරීමට විවිධ දේවල්වලට කාලය මිඩංගු කරමින් ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටු කිරීමට තියෙන කාලය නාස්ති කරන්න එපා. නීතිගරුක පාලනයක් වෙනුවෙන් කළ හැකි, කළ යුතු දේවල් වෙනුවෙන් කාලය කැපකරන්නැයි කියලා අපි විශේෂයෙන් ම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි එතුමා සඳහන් කළේය.
    ගාමිණි වියන්ගොඩ මහතා....
    “මහින්ද රාජපක්‍ ගේ ආණ්ඩු කාලය තුළ ඔහුගේ පක්‍ෂයේ සිටි සෑම මන්ත්‍රීවරයෙක්ම පාහේ ඇමතිවරයෙකුගේ තත්වයට උසස් කරනු ලැබ තිබුණා. එදා පාර්ලිමේන්තුවේ ඔහුගේ පක්‍ෂයෙන් තේරී පත්වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් එක්කෝ කැබිනට් ඇමතිවරයෙක් නොවන, නියෝජ්‍ය ඇමතිවරයෙකු නොවන, රාජ්‍ය ඇමතිවරයෙකු නොවන කෙනෙක් හිටියේ ඉතාම ස්වල්ප දෙනෙක් පමණයි.

    සම්පුර්ණයෙන්ම අවභාවිතා කරලා තිබුණා මේ ප්‍රජාතන්ත්‍රවාදී එක උපාංගයක් වන මේ අමාත්‍ය පදවි කියන එක. එතකොට ඒකත් ඇති කිරීමේ උවමනාව තිබුණා. එතකොට මේ ඔක්කෝම උවමනාවල් එකට ඇවිල්ලා තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක වගන්තියක් එන්නේ අමාත්‍යවරු සංඛ්‍යාව 30කට නොවැඩි විය යුතුයි කියලා“ යැයි ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

     

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 20:34

    Latest News