නිරෝධායන රීති කැඩූ සංඛ්‍යාව 81,000 ඉක්මවයි

ඔක් 26, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 81,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 684ක් සහ පුද්ගලයින් 1154 දෙනෙකු ද පරීක්ෂාවට ලක්කර තිබේ.

    බස්නාහිර පළාතේ ස්ථාපිත මාර්ග බාධක වලදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542 සහ පුද්ගලයින් 1,088 දෙනෙකු ඊයේ පරීක්ෂාවට ලක් කර ඇත.

    පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසර නොමැති වීම හේතුවෙන් වාහන 133 ක් සහ පුද්ගලයින් 272 ක් ආපසු හරවා යැවීමට පියවර ගත් බවයි.

    Latest News