කොකේන් ඇබ්බැහි ඇමති සෙවීමට කිරිඇල්ල ප්‍රමුඛ කමිටුවක් (විඩියෝ)     

පෙබ 20, 2019

    කොකේන් භාවිත කරන ඇමතිවරු සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කළ ප්‍රකාශය ගැන සොයන්න ඇමති කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

    අද පාර්ලිමේන්තුවේ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගනු ලැබූ බව, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

    රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළ පරිදි කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් කථානායක වෙත ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ගැන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ජා වූ බවත් ඔහු ප්‍රකාශ කළ බවත් එම පිරිසකගේ නාම ලේඛන එක්සත් ජාතික පක්ෂ නායකවරයාට හෝ වෙනත් අයෙකුට ලැබී නොමැති බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.   

     

                      

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 18:46

    Latest News