මෙරට මුහුදු කලාපය මල මුහුදක් කෙරෙන ප්ලාස්ටික් සංහාරය(වීඩියෝ)

පෙබ 20, 2019

    ශ්‍රී ලංකාව ආශ්‍රිතව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 60,000ක මළ මුහුදක් පවතින බව, හිටපු නාවික හමුදාපති, ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    ඔහු සඳහන් කරන්නේ, මෙහි ව්‍යාප්තිය තුළ අප රටට හා තවත් රටවල් කිහිපයකට එහි බලපෑම් එල්ලවිය හැකි බවයි. සමස්ත සාගරය අපවිත්‍ර කරන ප්‍රධානතම කාරකය බවට පත්ව ඇත්තේ, ප්ලාස්ටික්. දැනට මෙට්‍රික් ටොන් මිලියන 8.5ක් මුහුදට එකතු වන අතර, මෙය අඛණ්ඩව පැවතියහොත් වසර 2025 වනවිට මෙට්‍රික් ටොන් මිලියන 17.5ක් දක්වා වර්ධනයවේ.

    ප්ලාස්ටික් බෝතලයක් මහ මුහුදට එක් කළ විට එය මහ මුහුදෙන් ඉවත්වීමට වසර 400ක් පමණ ගතවෙතැයි, විද්‍යාඥයින් පවසයි. එහෙත්, එය ද සම්පූර්ණයෙන් විනාශ නොවන අතර, උෂ්ණත්වය රළ ස්වාභාවය හා විවිධ හේතූන් මත කුඩා අංශුවලට වෙන් වේ. ඒ තත්වය මොනො ප්ලාස්ටික් හෝ නැනෝ ප්ලාස්ටික් ලෙස හැඳින්වෙනු ඇත.

     

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 19:27

    Latest News