අපනයන ආදායමෙන් 25% ක් රුපියල්වලට පරිවර්තනය අනිවාර්ය නොවේ.

නොවැ 09, 2021

    අපනයන ආදායම 25% ක් රුපියල්වලට අනිවාර්යෙන් පරිවර්තනය කළ යුතු බවට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ රීතිය තවදුරටත් අදාල නොවන බව, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාජ් මහතා පවසනවා.

    ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ඒ වෙනුවට අවසරලත් ගෙවීම් සඳහා ඉඩදීමෙන් පසු ඉතිරි අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කරන බවයි. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් එවන ප්‍රේෂණ, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන අපනයන ආදායම අනිවාර්යයෙන්ම පරිවර්තනය කිරීමේ රීතීන් වෙත යටත් නොවන බවයි, එම ට්විටර් ගිණුමේ සඳහන් වන්නේ.

    Latest News