දැඩි වර්ෂාවෙන් ජන ජීවිත වලට බාධා (වීඩියෝ)

නොවැ 09, 2021
  • අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

    ඊයේ රාත්‍රී සිට අද  අලුයම දක්වා සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාරානිපාත වැසි හේතුවෙන් ගංඟා රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ප්‍රදේශ රැසක ගංවතුර  තත්වයන් වාර්තා වනවා. ගුවන් හමුදාව හා නාවික හමුදාව පවසන්නේ ඇතිවිය හැකි ආපදා තත්වයකට මුහුණදී‍ම සඳහා ගුවන් යානා සහ බෝට්ටු සමග සහන සැලනීමේ භට පිරිස් සූදානමින්  සිටින බවයි.

    Latest News