ලක්‍ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

නොවැ 12, 2021

    ප්‍රවීණ සංගීතවේදියෙකු මෙන්ම ගායකයෙකු වූ විශාරද ලක්‍ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වුණා.

    කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 73 වැනි වියේ පසුවුණා. ලක්‍ෂ්මන් විජේසේකර මහතා ජාතික රූපවාහිනිය ආරම්භක වකවානුව තුළ නිෂ්පාදනය වූ රේඛා, ගංගා සහ නිශ්ශංක, ඉර පායා යන ටෙලි නාට්‍යවලට ගායනයෙන් සහ රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්‍ෂකයින්ගේ ආදරය දිනාගත්තා. රජයේ පාසල් සංගීත ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජිවිතය ආරම්භ කළ ලක්‍ෂ්මන් විජේසේකර මහතා ගායනයෙන්, රංගනයෙන් හා සංගීත නිර්මාණතුළින් සිය ප්‍රතිභාව විදහා දැක්වූ කලාකරුවෙක්. ඒ මහතා, අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා කළුආරච්චි මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයායි.

    ලක්‍ෂ්මන් විජේසේකර මහතාගේ දේහය හෙට (13) දහවල් 12.00 සිට ගල්කිස්ස කලාපුර නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 19:04

    Latest News