කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වැසේ

නොවැ 15, 2021

    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණ හා නිර්දේශ මත මේ තීරණය ගත් බවයි, එම අධිකාරිය පවසන්නේ.

    මේ අතර, මධ්‍යම අන්දමන් මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ලබන 17 වැනිදා වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් බවට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News