ඉන්දියාවේ සිට රැගෙන ආ, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

නොවැ 21, 2021

    ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්, විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, මන්නාරම ශාන්තිපුරම් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී. ඉන්දියාවේ නිෂ්පාදිත පුුපරණ ද්‍රව්‍ය ග්‍රෑම් 125ක්, ඉමල්ෂන් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක් හා ඊට අදාළ කරල් 7,990 ක් අත්අඩංගුවට ගැණුනා. සිද්ධියට අදාළ 55 හැවිරිදි සැකකරුවෙකු, මන්නාරම පොලිසියට බාර දුන් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. තොරතුරු ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයයි.

    Latest News