ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිරිත් පිංකම....(වීඩියෝ)

නොවැ 21, 2021
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ඊයේ සහ අද (21) ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සහ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    සර්ව රාත්‍රික පිරිත් දේශනය කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 ස්ථානයේ පිහිටි ප්‍රතිසංස්කරණය අවසන් කළ අග්‍රාමාත්‍ය කාර්යාල ගොඩනැගිල්ලේ පැවැත්විණි.

    අගමැතිතුමාට මෙන්ම ජනාධිපතිතුමාත්, රජයටත්, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් මෙලොව යහපත අභිවෘද්ධිය උදාවීම තුළින් මේ රටේ ඇතිව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම රටින් තුරන් වී රටට යහපත් වූ කාල වකවානුවක් උදා වේවා! යන ප්‍රාර්ථනාව ඇතිව මෙම ආශිර්වාද පිරිත් පිංකම පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අගමැති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය හා සම්භාවනීය අමුත්තන් රැසක් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාවට එක්වූහ.

    අරලියගහ මන්දිරයේ අද (21) දින පැවති සංඝගත දක්ෂිණාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්වූයේය.

    Latest News