ඔහු අභාවප්‍රාප්ත ඉන්දීය මුස්ලිම් අධ්‍යාත්මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා සහායිබ් අලීම් මහතාගේ පුත්‍රයායි.
ආගමික සහජීවනය වර්ධනය කිරීමට ඉටු කළ හැකි කාර්යයන් පිළිබඳවයි, මෙම හමුවේදී ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මහතා අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුකළේ.
ඔහු ඉදිරියේ දී මෙරට මහා සංඝරත්නය මෙන්ම, මුස්ලිම් ආගමික පූජකවරුන් හමුවීමට ද නියමිතයි. ආචාර්ය අග්‍රහැර කස්සප ස්වාමීන් වහන්සේ, ආචාර්ය නසීර් අලීම් මහතා සමඟ පැමිණි මුස්ලිම් ආගමික නායකයින් ද එම අවස්ථාවට එක්ව සිටියේය.