2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල

නොවැ 23, 2021

    2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැත්විණ. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. භාෂාත්‍රයෙන් ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ මාධ්‍යවේදීන් හා කලාකරුවන් ඇඟයීම, සම්මාන උළෙලේ අරමුණයි.

    ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්,හොඳම ගුවන් විදුලි වැඩසටහන්, ගුවන් විදුලි නාට්‍ය, ගුවන් විදුලි ශබ්ද තාක්ෂණය හා ප්‍රචාරණය, ස්වර්ණ සංකථන සම්මාන යන තරග අංශ යටතේ, මාධ්‍යවේදීන් හා කලාකරුවන් 37 දෙනෙකු සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණ.‍

    බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව හා ශ්‍රී ලංකා කළා මණ්ඩලය එක්වයි, සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ.

    මෙහිදී වැඩිම සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමත් විය.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 12:15

    Latest News