කින්නියා අනතුරේ පුද්ගලයින් 6ක් අතුරුදන් (වීඩියෝ)

නොවැ 23, 2021
  • update- කින්නියා - කුරුඤ්ඤංකේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් හය දෙනෙකු අතුරුදන්වී තිබේ.

    11 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි, වාර්තා වන්නේ.

    පාසල ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගත් පාරුව අනතුරට ලක්ව ඇත්තේ, අද උදෑසනයි. කින්නියා කාන්තා විදුහලේ සිසුන් හා ගුරුවරුන් පිරිසක් එහි ගමන් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    අනතුරත් සමග ළමුන් 7 දෙනෙකු ගොඩට පීනා දිවි ගලවාගෙන තිබේ. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ...........................................

    ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසළ පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද ( 23) උදෑසන 7.30 පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

    කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව අද (23) උදෑසන මෙම අනතුර සිදුවන විට මෙම පාලම් පාරුවේ පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් බවට වාර්ථාවී ඇත.

    එමෙන්ම, මේ වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී තිබේ.

    අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.

    thumbnail 6

    thumbnail

    thumbnail 1

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 12:12

    Latest News