ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක්...

නොවැ 23, 2021

    දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

    ඒ අනුව, ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා. අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ යන පළාත්වල ද, මාතලේ දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි.

    නැගෙනහිර, උතුරු මැද, ඌව යන පළාත් හා මුලතිව්, වවුනියාව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි හටගත හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.

    Latest News