බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නොවැ 28, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 01.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, සහ ඌව පළාත්වලත්,  ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මි. 100 ට වඩා තද වැසි ඇතිවේ. උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුලං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News