ජාතික යෞවන සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී (වීඩියෝ)

නොවැ 27, 2021
  • 42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (26) පැවැත්වුණා.

    ඒ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය සංවිධානය කළේ, ජාතික තරුණ සේවා සභාව සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වයි. 42 වැනි ජාතික යෞවන සම්මාන උළලේදී සිංහල හා දමිළ මාධ්‍යයන්ගේ තරගාංශ 45 ක් යටතේ තරුණ නිර්මාණකරුවන් 130 කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණා.

    90 දශකයේ අග භාගයේදී ජාතික තරුණ සේවා සභාව සහ ජාතික රූපවාහිනිය එක්ව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක් එක්කරමින් එළිදක්වන ලද "තුරුණු ශක්ති" සෞන්දර්ය චාරිකාව ප්‍රථම රියැලිටි වැඩසටහන නව පරපුරට ගැලපෙන පරිදි "තුරුණු ශක්ති Next Gen" නමින් නව්‍යතාවයන් සමගින් ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදු කෙරුණා.

    Latest News