විපක්ෂනායක - පාර්ලිමේන්තු දේශපාලනය බිඳවැටීම ගැන කණගාටුවෙන්

පෙබ 23, 2019

    දහමට පරිසරයට ආදරය නොකරන ජනතාවක් බිහි වෙමින් ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එබැවින් දහම් අධ්‍යාපනය සියලුම ආගම්වලට අනුව අනිවාර්ය කළ යුතු බව ඔහු කියා සිටි.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ලුනුගම්වෙහෙර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා "මෙම ප්‍රදේශ ඒ කාලේ යුද්ධයට මායිම් ගම්මාන ලෙස නම් වී තිබුණා. ඒ අතීතය අද හැමෝටම අමතක වෙලා. මගේ පියා හිටපු කාලේ තිබුණු පාර්ලිමේන්තුව නෙවේ අද තියෙන්නේ. ඩඩ්ලි සේනානායක ජෝර්ජ් රාජපක්ෂලා ඉන්න කාලේ තිබුණු පාර්ලිමේන්තුවට වඩා අද සම්පූර්ණ වෙනස්. පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න බැරි දේවල් එදා කතා කළේ නෑහැ. ඒ සම්ප්‍රදායන් සියල්ල අද වෙනස් වෙලා. අද පාර්ලිමේන්තුව භාවිතා කරන්නේ මිනිස්සුන්ට මඩ ගහන්න චරිතය ඝාතනය කරන්න. පාර්ලිමේන්තුව ආදර්ශමත් ස්ථානයක් බවට පත් කළ යුතුව තිබෙනවා.

    මහින්ද රජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රි ලංකාවේ විධායක ජනාධිපතිවරයා විය. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබිමෙන් පසු තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව ආණ්ඩු බලය මෙහෙයවනු ලැබිණ. මෙම කාල සීමාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝනය ගෙන එමින් දෙවරකට සීමාව තිබූ විධායක ජනාධිපති ධූර කාලය වෙනස් කරණු ලැබිණ.

    2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා ඔහු අගමැතිවරයා වශයෙන් දිවුරුම් දිමෙන් පසු නොවැම්බර් 14, 15, 16 යන දිනයන්හි පාර්ලිමේන්තුව තුළ ඉතා අවාසනාවන්ත සිදුවිම් ගණනාවක් සිදුවුයේය. 

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 19:05

    Latest News