ටෙස්ට් කණ්ඩායමට සුභපැතුම් (වීඩියෝ)

පෙබ 23, 2019

    දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභපැතුම් එක්කර තිබේ.

    දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ පළමු ආසියාතික රට බවට, ශ්‍රී ලංකාව පත් කළ ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපතිතුමා සිය උණුසුම් සුභපැතුම් පිරිනැමීය.

    සිය සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂ සළකුණ පිළිබඳව නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු ක්‍රීඩකයන්ට සිය ස්තූතිය පළ කරන බවයි.

    එමෙන්ම, නව ජවයකින් ඉදිරියට යමින් මාතෘභූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂි ජයග්‍රහණ ලබාගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි ද ජනාධිපතිතුමා ආශිර්වාද පළ කර සිටියේය.

    මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව බදුල්ලේ අද පැවති උත්සවයකදී සුභපැතුම් එක් කළේය.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:40

    Latest News