නාවික හමුදාවේ 71වැනි සංවත්සරය අද

දෙසැ 09, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

    1972 මැයි 22 වැනිදා එම නම, ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස පරිවර්තනය වන්නේ, ශ්‍රී ලංකාව, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකන් බවට පත්වීමත් සමගයි.

    මෙරට සාගර කලාපය සුරක්ෂිතව පවත්වා ගැනීමේ ජාතික අභිලාසය ඉටු කිරිමෙහි ලා සාගරික වපසරිය තුළ නාවික හමුදාව සිදුකරන හමුදාමය මෙහෙය අතිවිශාලයි.

    එම කාර්යන් අතර, මුහුදු මාර්ගයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාගර කලාපය තුළ සිදුවන නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම, ආපදාවට පත්වන ධීවර සහ නාවික ප්‍රජාවට සහන සැලසීම සුවිශේෂි වේ.

    සිය 71 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව සතු විශාල නෞකා අද සහ හෙට ගාලුමුවදොර මුහුදු තීරයේ නැංගුරම්ලා තිබේ. ඒ නාවික හමුදාව සතු නාවික බලය ප්‍රදර්ශණය කරමින්.
    ගාලුමුවදොර මුහුදු තීරයේදී මහජනතාවටද එය දැක බලා ගත හැකියි.

    Latest News