"වාරි සෞභාග්‍යා" වැව් 09ක් ප්‍රතිසංස්කරණයට...

දෙසැ 19, 2021

    කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් ආශ්‍රිතව ක්‍රියාත්මක වාරි සංවර්ධන හා පරිසර අලංකරණ ව්‍යාපෘතිය අවසන් අදියරට පැමිණ තිබෙනවා.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේයි. කුරුණෑගල දඹුල්ල ඔස්සේ අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස වැව් 9 ක් ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ, මීට මාස 09 කට පෙරයි. කුරුණෑගල, මාතලේ සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආශ්‍රිතවයි මෙම වැව් තෝරාගෙන තිබෙන්නේ.

    රොන් මඩ පිරීම සහ දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් වැව්වල ධාරිතාව අඩුවී තිාබෙනවා. මේ නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගොවිජනතාවට යල-මහ දෙකන්නයේ වගා කිරීමට නොහැකි තත්වයකුයි උද්ගතව තිබුණේ. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රොන් මඩ ඉවත්කර වැව්වල ධාරිතාවය වැඩි කෙරුණා. ආක්‍රමනික ශාක ඉවත්කර වැව් තලය පිරිසිදු කිරීම, වැව් බැමි ප්‍රතිසිංස්කරණය, සොරොව්ව, පිටවාන හා කුඹුරු ඉඩම්වලට ජලය ගෙනයන ඇල මාර්ග ප්‍රතිසංස්කරණය ද ඒ යටතේ සිදු කෙරුණා. දැනටමත් වැව් රැසක සංවර්ධනය කිරීම් අවසන් වී ඇති අතර, ඉන් ප්‍රදේශයේ ගොවිජනතාවට ප්‍රතිලාභද හිමිව තිබෙනවා.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 19:03

    Latest News