කාන්තා කළමනාකරණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කල මෙහි ආයතනික, දේශපාලනික, සමාජයීය, ව්‍යාපාරික ආදී ක්ෂේත්රයන්ගෙන් ඉහළට ගිය, ලෝක බැංකුවේ Women Top 50 සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 12 දෙනෙකු වෙනුවෙන් වසරේ මාස 12 වෙන්කිරීමට කටයුතු කර ඇති අතර 2022 වසර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ වසර ලෙසද ඔවුන් විසින් නම් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වුවත් තීන්දු තීරණ ගන්නා ස්ථානවල බොහෝවිට ඇත්තේ පිරිමි පාර්ශවය බැවින් කාන්තාවන්ගේ හඩ නොඇසෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
සකසුරුවමින් පිරි කාන්තාවන්ට දූෂණය සහ නාස්තිය අවම කිරීමේ හැකියාවක් පවතින බැවින් ඒ ඒ ක්ෂේත්රයන්ගෙන් කාන්තාව ඉහළට යාම අගය කළ යුතු සහ දිරිගැන්විය යුතු කාරණයක් බව වැඩිදුරටත් සිහිපත් කෙරිණ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.