තිනර් බැරලය පිපිරී 10 හැවිරිදි පුතු මරුට

පෙබ 25, 2019

    පොළොන්නරුව, පුලස්තිපුර, ගල්කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී තිනර් අඩංගු බැරලයක් කැපීමට යාමේ දී එය පිපිරී යාමෙන් දස හැවිරිදි දරුවෙක් මියගොස් තිබේ.

    ඔහුගේ වැඩිමහල් සහෝදරයා හා පියා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ (24) දිනයි. වැඩිමහල් සහෝදරයාට අද දින ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මාතලේ ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස ඔවුන්ගේ ඥාති නිවසකට ගොස් සිටි අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ දී තිබේ.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 10:50

    Latest News