සේනා කළ හානියට මාර්තු සිට වන්දි

පෙබ 25, 2019

    සේනා දළඹු හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ප්‍රදානය මාර්තු 10 වැනිදා අම්පාරෙන් ආරම්භ කන බව, කෘෂිකර්ම අමාත්‍යා පී.හැරිසන් මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළකළේ ස්වර්ණමාලි බාලිකා මහ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ අනූව, සේනා දළඹු පූර්ණ හානිය වෙනුවෙන් අක්කරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 40,000/-ක්.

    ඒ අනූව, වගා හානිවූවන් සඳහා ලබාදීමට මේ වන විට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250ක් බවයි, අමාත්‍යවරයා පවසන්නේ. ප්‍රමාණය අනූව ඉදිරියේ දී මිලියන 250 ඉක්මවූවද වන්දි ලබාදීමට පියවර ගන්නා බව හැරිසන් මහතා මෙහි දී කියා සිටියි. සේනා වගා හානි උපරිම වූ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන්දි ලබාදීම ආරම්භ කර, පළමු අදියර තුළ මොණරාගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද එම වගා හානි කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව, මෙහි දී ප්‍රකාශ කෙරුණි.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 08:56

    Latest News