සතොස සේවකයින්ට රු. 3000/=ක ප්‍රසාද දීමනාවක්....

දෙසැ 23, 2021

    ලංකා සතොස ආයතනයේ ස්ථිර සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කළමණාකාරිත්වය තීරණය කොට තිබෙනවා.

    මුදල් ප්‍රදානය අද (23) සිදු කෙරුණේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීම හා මේ වසරේ අලාභය අවම කරගැනීම නිසා ප්‍රසාද දීමනා ලබාදීමට ලංකා ‍සතොස ආයතනයට හැකියාව ලැබුණා. සියලු ස්ථිර සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දී තිබෙනවා.
    උත්සවය පැවැත්වුණේ, සතොස ප්‍රධාන කාර්යාලයේදී. 2015 වසරේදී රුපියල් කෝටි 200ක අලාභයක් වාර්තා කළ සතොස, 2016 වසරේදී රුපියල් කෝටි 501ක පාඩුවක් ලබා තියෙනවා. කෙසේ වුවද, පසුගිය වසර වනවිට එම පාඩුව කෝටි 130 දක්වා අවම කර ගැනුණා. ඒ, කොවිඩ් වසංගත සමයේ දිවයින පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලිය සතොස වෙත පැවරීමත් සමඟයි.
    එම පාඩුව මේ වසරේදී රුපියල් කෝටි 80ක් දක්වා අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය තෙමසක කාලය තුළ මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට කළමණාකාරිත්වයට හැකියාව ලැබුණා. ඒ අනුවයි, කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු ස්ථිර සේවකයන්ට රුපියල් තිස් දහස බැගින් ප්‍රසාද දීමනා ගෙවීමට තීරණය කෙරුණේ.

    Latest News