"කාබනික දියර පොහොර භාවිතයට නොගන්නේ නම් යළි බාර දෙන්න"

දෙසැ 27, 2021

    රජය නොමිලයේ ලබාදෙන කාබනික දියර පොහොර භාවිතයට අකමැති නම් විනාශ නොකර නැවත ගොවිජන සේවා මධ්‍යස්ථානයට බාර දෙන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකු‍හේවගේ මහතා ඉල්ලා සිටියි.

    ඒවා විනාශ කිරීම රජයේ ‍දේපළ අවභාවිතය කිරීමක් වන බවයි ඔහු පවසන්නේ.

    උතුරු පළාතේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක මුරුංගා වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සඳහා නොමිලයේ මුරුංගා පැල බෙදාදීම පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    වස විසෙන් තොර ආහාර නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩසටහනට සමගාමීවයි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ.

    Latest News