ව්‍යාජ මුදල් නෝට්ටු ගැන සැළකිල්මත් වන්න - මහබැංකුව

දෙසැ 28, 2021

    රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සැකකටයුතු මුදල් නෝට්ටුවක් ලැබුණොත් ආරක්ෂක සලකුණ පිළිබඳ විමසිලිමත් වී එය රඳවා ගැනීමට කටයුතු කරන්නැයි මහ බැංකුව පවසයි.

    එම නෝට්ටුව රැගෙන පැමිණි පුද්ගලයා, ඔහුගේ බාහිර පෙනුම, වාහනයකින් පැමිණියේ නම් ඒ පිළිබඳ විස්තර, නෝට්ටුවේ වටිනාකම සහ අනුක්‍රමික අංකය යනාදී තොරතුරු සටහන් කරගෙන ළඟම ඇති පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයේ 011-2422176 සහ 011-2326670 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස දැනුම් දෙයි.

    ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම හෝ පරිහරණය හෝ මුද්‍රණය සිරගත කිරීම දඩයක් නියම වීම හෝ එම දඬුවම් දෙකම හෝ නියම කළහැකි වරදක් බව පොලිසීය සඳහන් කරයි.

    Latest News