නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්

දෙසැ 28, 2021

    නාවික හමුදාව විසින් සංවිධාන කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (26) තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණි.

    ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි.

    ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතාගේ උපදෙස් මත එම විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් මෙය සිදු විය.

    මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා ඉදිරියටත් අවශ්‍ය දායකත්වය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.

    Latest News