වැඩිකළ ගුරු වැටුප් ජනවාරි සිට

දෙසැ 28, 2021

    මෙවර අය-වැයෙන් සිදු කළ ගුරු විදුහල්පති වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

    ලේකම්වරයා සඳහන් කරන්නේ, වැටුප් කොමිසම ඇතුළු අදාළ ආයතන මේ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

    ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය ඉකුත් අගෝස්තු 30 වැනිදා ගනු ලැබූ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් ගුරු වැටුප් ගෙවීම සඳහා වෙන් කිරීමට මෙවර අය-වැයෙන් යෝජනා කර තිබුණි.

    එතෙක් ගුරු - විදුහල්පති වැටුප් සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 109,000කි.

    Latest News