දෙසැම්බර් මාසයේ සංචාරකයින් 69,941ක් දිවයිනට

දෙසැ 29, 2021

    මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    මේ මාසයේ දින 26ක කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදෙස් සංචාරකයන් 69,941 දෙනකු පැමිණ තිබෙන අතර ඊට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී 44,294 දෙනකු සහ ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    පසුගිය දින 26ක කාලයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංසය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙකු පැමිණ තිබෙන අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819කි.

    ජර්මනියෙන් සංචාරකයන් 4,131ක් මෙරටට පැමිණ තිබෙන අතර ප්‍රංසයෙන් සංචාරකයන් 2,313ක් ද පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇත.

    යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 09:14

    Latest News