ඉංජිනේරුවරයා උත්තරදේවී දුම්රියට බිලි....

ජන 01, 2022

    අද (01) දහවල් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක්, උත්තරදේවී සීඝ්‍රගාමී දුම්රියේ ගැටිමෙන් පුද්ගලයෙක් මියගියා.

    එම අනතුරින් මෝටර් රථය ගිනිගෙන තිබෙනවා. දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200ක් පමණ ඇදීගොස් ගිනිගෙන තිබෙන අතර, එම නිසා දුම්රියේ එන්ජිමට ද ගිනි ඇවිලි තිබුණා. අනතුරින් මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනය ඉංජිනේරුවරයෙක්. ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත ප්‍රනාන්දු නමැති 55 වියැති අයෙක්. අනතුර වනවිට දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මකව තිබූ බව පොලිසිය පවසයි.

    Latest News