උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘතයි....

ජන 05, 2022

    මහවැලි සී කලාපයට අයත් ගිරාදුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ වාන් දොරටු 7න් 3ක් අද (05) දින පස්වරුවේ විවෘත කර තිබේ.

    මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල යාම නිසා එහි වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බව එහි කාර්මික නේවාසික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පවසයි.
    මේ වන විට ජලාශයේ දොරටු 7න් දොරටු 3ක් අගල් 4 බැගින් විවෘත කර ඇති අතර මෙමගින් ජලය තත්පරේට ඝනමීටර් 11ක වේගයෙන් උල්හිටිය ඔයට මුදාහරී. මේ හේතුවෙන් උල්හිටිය ඔය දෙපස පදිංචි කරුවන් විමසිල්ලෙන් සිටින ලෙස ජලාශයේ කාර්මික නේවාසික නිලධාරී ප්‍රකාශ කරයි.

    Latest News