උපාධිධාරීන් 51,000කට සංවර්ධන නිලධාරී ස්ථීර පත්වීම්

ජන 06, 2022

    උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් පනස් එක් දහසක් (51,000) ස්ථිර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.

    මෙම ස්ථිර පත්වීම් ලබන සංවර්ධන නිලධාරීන්ට රුපියල් 31,490ක මූලික වැටුපක් සහ දීමනා සහිතව රුපියල් 41,490ක වැටුපක් ගෙවීමට නියමිතය.

    මොවුන් සංවර්ධන නිලධාරී තනතුරු සඳහා අනුයුක්ත කර තිබෙන්නේ,ජනවාරි 3 වැනිදා සිටයි.

    කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවයට මෙතරම් නිලධාරීන් පිරිසක් ස්ථිර පදනමින් බඳවාගත් පළමු අවස්ථාව මෙය බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (05) එක්වෙමින් ප්‍රකාශ කළේය.

    පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ‍ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පුහුණුව සම්පූර්ණ කරන අනුපිළිවෙළ අනුව කොටස් තුනක් යටතේ ස්ථිර පත්වීම් ඔවුන්ට දීමට කටයුතු කළ බවත් ඒ ඔහු වැඩිදුරටත් කියා සිටි‍යේය.

    Latest News