පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් නිදහස් කරන්නැයි, හිටපු ජනපති කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ....

ජන 07, 2022

    පාස්කු ප්‍රහාරයට අදාලව තමන්ට එල්ල වී ඇති චෝදනා නිෂ්ප්‍රභා කර එම චෝදනාවලින් නිදහස් කරන ලෙස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    එම නියෝගය කරනු ලැබුවේ, කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසින්. පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, ආබාධිතවූවන් සහ තුවාල ලැබූවන් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලමිනුයි, නඩුව ගොනුකර තිබෙන්නේ. ඉකුත්දා මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේ, මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවයි. මෙම ස්දිධියට අදාලව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 128ක් ගොනුකර තිබෙනවා.

    Latest News