සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයන ගිවිසුමට අත්සන් තැබේ....

ජන 07, 2022

    සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

    ඒ මෙරට ජනතාවට අවම මිල ගණන් යටතේ සහල් සැපයීම වෙනුවෙන්. එම ගිවිසුමට එළැඹෙන ලද්දේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ මියන්මාර රජය වෙනුවෙන් එරට වාණිජ කටයුතු අමාත්‍ය වින්ට් සැන් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා. එම සහල් ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂිත තොගයක් ලෙස පවත්වා ගැනීමට අපේක්‍ෂිතයි. ඉදිරියේදී සහල් හිඟයක් රටේ ඇති නොවීමට කටයුතු කිරීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.

    Latest News