ඇල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම අවස්ථා හතරකදී පෑන් ඒෂියා බෑංකින් කෝපරේෂන් ආයතනයෙන් ණය මුදලක් ලබාගෙන එම ණය මුදල හෝ ඊට අයවිය යුතු පොළී මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පවසමින් නඩුව පවරා තිබේ.
බන්දුල ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ණය උකස්කරයක් බව නොදැන එම ලේඛණයකට තමා අත්සන් කළ බවයි. ප්රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන ගුණවර්ධන වැන්නෙකු නොදැන අත්සන් කළ බව පිළිගත නොහැකි බව තීන්දු කළ අධිකරණය ඔහුගේ දේපොළ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස නියෝග කර තිබේ.