කොහුවල ගුවන් පාලමට මුල්ගල තැබේ...

ජන 12, 2022

    කොහුවල මංසන්ධියේ ගුවන් පාලමේ ඉදිකිරීම් අද (12) ආරම්භ කෙරුණා.

    ඒ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු වෙළෙඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියොකටෝ Peter Szijiarto යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කොහුවල මංසන්ධියේ සිට හොරණ 120 බස් මාර්ගයට සමාන්තරව මෙම ගුවන් පාලම ඉදි කෙරෙනවා. හංගේරියානු රජයේ මුල්‍ය පහසුකම් මත ඉදි කෙරෙන පාලමේ දිග මීටර් 297ක් වන අතර, පළල මීටර් 9.4ක් වේ.

    ගුවන් පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 04ක මාර්ගයක් ඉදි කෙරෙනවා. මෙයට ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 2648ක්. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කළුබෝවිල-නුගේගොඩ මාර්ගයට ප්‍රවේශය ද පහසුවනවා. මාර්ගයේ වාහන හැසිරවීම පාලනය කෙරෙන්නේ, ස්වයංක්‍රීය අලෝක සංඥා මගින්. ව්‍යාපෘතිය මාස 22කින් නිම කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 12 ජනවාරි 2022 19:18

    Latest News