පල්ලියේ බෝම්බය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

ජන 12, 2022

    සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ ජීව අත් බෝම්බය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වී ඇත.   

    බොරැල්ල පොලිස් වසමේ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තබා ඇති බවට ඊයේ (11) සවස් කාලයේ බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත බොරැල්ල පොලිසිය කරන ලද විමර්ශනයේදී දේවස්ථානයේ සුරුවමක් අසල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමට හැකිවී තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී දේවස්ථානය තුළ රැඳී සිටින දේවස්ථානයෙ වැඩ කටයුතු කරනු ලබන සැකකරුවෙකු මෙම බෝම්බය එම ස්ථානයේ තැබීමට කටයුතු කර ඇති බවත්, ඒ සඳහා අසල නිවසක පදිංචි නිතරම දේවස්ථානයට යන එන වයස අවරුදු 13 ක දරුවෙක් ඒ සඳහා යොදාගෙන ඇති බවටත් අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 29,25,41 සහ 55 වයස්වල පසුවන දෙමටගොඩ, මාලිබොඩ හා මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. විශේෂ කාර්ය බලකාය විසින් බෝම්බය නිශ්ක්‍රීය කර ඇත. බොරැල්ල පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News