දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක්

ජන 13, 2022

    කරුණු කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඒ අනූව ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට අද මධ්‍යම රාත්‍රි 12.00 දක්වා එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

    දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවයි ඔහු පවසන්නේ.

    දුරගමන් සේවා කළින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

    Latest News