බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩ ජනපති අතින් විවෘත කෙරේ

ජන 20, 2022

    බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ ඉදිකළ නව ඇත් පවුර සහිත ප්‍රධාන වාහල්කඩ විවෘත කිරීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

    විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමාවිහාරාධිපති පූජ්‍ය බෙලිගල අමරසිරි ස්වාමීන් වහන්සේගෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් පිළිබඳ විමසා බැලීය.

    විහාරස්ථානයේ දී ආගමික වතාවත්හි නිරත ජනාධිපතිතුමාටමහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කළහ.

    දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිමය ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පූජ්‍ය බෙලිගල අමරසිරි ස්වාමීන් වහන්සේ එහි අනුරුවක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළහ.

    මහා සංඝරත්නය, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, විහාරස්ථ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News