බංග්ලාදේශ නාවික හමුදාපති, ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජන 20, 2022
    බංග්ලාදේශ නාවික හමුදාපති අද්මිරාල් එම්ෂහීන් ඉක්බාල් මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (19) හමුවිය.
    ආරක්‍ෂක ලේකම්වරයා බංග්ලාදේශ නාවික හමුදාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර කලාපීය ආරක්‍ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය මැඩලීම සහ හමුදා පුහුණුහුවමාරුව ඇතුලු ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු පිළිබඳව ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
    සාකච්ඡාවෙන් අනතුරුව ජෙනරල් ගුණරත්න මහතා සහ අද්මිරාල් ඉක්බාල්  මහතා අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදී.
    කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වනසෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්වූ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් සුමිත් නන්දන මහතා ද මේ සඳහා එක්විය.

    Latest News