දකුණු කොරියා කතානායක දිවයිනට

ජන 20, 2022
    දකුණු කොරියා කතානායක පාර්ක් බයියොන් සෝග් මහතා සිව්දින නිල සංචාරයක් සදහා ඊයේ (19) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව දකුණු කොරියා කතානායකවරයා මෙලෙස දිවයිනට පැමිණ ඇත. 
    නාමල් රාජපක්ෂ,  ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරුන්  දකුණු කොරියා කතානායකවරයා පිලිගැනීම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.
    මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  හමු වී සාකච්ඡා කිරීමට දකුණු කොරියා කතානායකවරයා අපේක්ෂා කරයි.
    ඔහුගේ මෙම සංචාරයේදි දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු කිරීමට හැකිවෙතැයි විශ්වාස කෙරේ.

    Latest News