ඔමික්‍රොන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බුස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළි 900 සීමාව ඉක්මවා ගියේ ය. විදෙස්ගතව පැමිණි 05 දෙනෙකු සමග එලෙස හඳුනා ගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 604, 581 කි.
කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,346 දෙනෙක්. සුවය ලැබු සංඛ්‍යාව 576 ,781 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ආසාදිතයින් 12,454 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.